IPL තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කෙරේ

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් අද(6) නිවේදනය කළා.

ඒ අනුව දින 65ක් පුරා පැවැත්වෙන තරගාවලිය මාර්තු 26 වනදා මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙවර තරගාවලියට කණ්ඩායම් 10ක් ක්‍රීඩා කරන බැවින් ලීග් වටයේ දී තරග 70ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මුම්බායිහි හා පූනේහි පිහිටි ක්‍රීඩාංගන 4කදී පමණක් ලීග් වටයේ තරග පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

මාර්තු 26 වනදා පැවැත්වෙන පළමු තරගය සදහා තරග වදින්නේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

එක් දිනකදී තරග දෙක බැගින් පැවැත්වෙන දින 12 ක් ද මෙවර තරග කාලසටහනට ඇතුළත්.

දහවල් කාලයේ පැවැත්වෙන තරග පස්වරු 3.30ට ද, රාත්‍රී තරග පස්වරු 7.30ට ද ආරම්භ වීමට නියමිතයි.

අයි.පී.එල් තරගාවලියේ 15 වන අදියරේ අවසන් මහා තරගය මැයි 29 වනදා පැවැත්වෙන අතර, අවසන් වටයේ (Playoffs) තරග හතරෙහි තරග කාලසටහන මෙතෙක් නිවේදනය කර නැහැ.

මුම්බායිහි Wankhede ක්‍රීඩාංගනයේ දී තරග 20ක් ද, මුම්බායිහි Brabourne ක්‍රීඩංගනයේ දී තරග 15ක් ද මුම්බායිහි DY Patil ක්‍රීඩාංගනයේ දී තරග 20ක් ද පැවැත්වීමට නියමිත අතර, පූනේ හී දී තරග 15ක් පැවැත්වීමට නියමිතයි.

සෑම කණ්ඩායමක්ම Wankhede ක්‍රීඩාංගනයේ දී හා DY Patil ක්‍රීඩාංගනයේ දී තරග 4 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම සෑම කණ්ඩායමක්ම Brabourne ක්‍රීඩංගනයේ දී හා පූනේ හී දී තරග 3 බැගින් ද ක්‍රීඩා කිරීමට නියමිත බවයි තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ.

කණ්ඩායම් කාණ්ඩගත කර ඇති අයුරු මෙතනින්

තරග කාලසටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...