IPL කණ්ඩායම්වලින් නිදහස් කෙරුණු හා රදවා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙන්න

Date:

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම සිය සංචිතවල රදවා ගැනීමට අයි.පී.එල් කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කර තිබෙනවා.

ඒ ඒ කණ්ඩායම් විසින් සිය සංචිතවල රදවා ගත් හා නිදහස් කෙරුණු ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව නිවේදනය කිරීමට ලබා දී ඇති අවසන් දිනය අද වන අතර, මේ වන විට සියලු කණ්ඩායම් විසින් ඊට අදාළ තොරතුරු නිවේදනය කරමින් පවතිනවා.

ඒ අනුව පසුගිය තරග වාරයේ දී පංජාබ් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ භානුක රාජපක්ෂ සිය සංචිතයේ රදවා ගැනීමටයි කිංග්ස් කණ්ඩායම තීරණය කර ඇත්තේ.

2022 තරග වාරය සදහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග එක්ව සිටි තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සිය සංචිතයෙන් නිදහස් කළ බව කොල්කටා කණ්ඩායම මේ වන විට නිවේදනය කර තිබෙනවා.

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සිය සංචිතයෙන් නිදහස් කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පියවර ගෙන තිබෙනවා.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සිය සංචිතයේ රදවා ගැනීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද සිය සංචිතයේ රදවා ගැනීමට චෙන්නායි කණ්ඩායමේ හිමිකාරීත්වය පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

මේ අතර, ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සිය සංචිතයේ රදවා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පියවර ගෙන තිබෙනවා.

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 23 වැනිදා කෝචි හී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...