ICC සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහන

Date:

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතේ පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්තාන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙට(27) පැවැත්වෙනවා.

එම තරගය ද මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැති පළමු තරගයෙක් ලකුණු 60 ක ජයක් වාර්තා කළ ඇෆ්ඝනිස්තානය මේ වන විට තරග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටිනවා.

ඊයේ පැවැති පළමු තරගයෙන් ජය ලැබීමත් සමග ඇෆ්ඝනිස්තානයට ලෝක කුසලාන සුපර් ලීගය යටතේ තවත් ප්‍රසාද ලකුණු 10 ක් හිමි වුණා.

ඒ අනුව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ රැදී සිටින ඇෆ්ඝනිස්තානය තරග 13 කදී ලබා ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 110 ක්.

ශ්‍රී ලංකාව තවදුරටත් 10 වැනි ස්ථානයේ රැදී සිටින්නේ තරග 19 කදී ප්‍රසාද ලකුණු 62 ක් හිමි කර ගනිමින්.

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා කණ්ඩායම් සෘජුව සුදුසුකම් ලබා ගනු ලබන්නේ මෙම ලීග් ක්‍රමවේදය තුළින්.

2023 ලෝක කුසලානයේ සත්කාරකත්වය හිමිව ඇති බැවින් ඉන්දියාව මේ වන විටත් ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ඇති බැවින්, ඔවුන් හැර සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන සෙසු රටවල් හත 2023 ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...