ICC වසරේ 20යි 20 ක්‍රීඩකයා හා නැගී එන ක්‍රීඩකයා නිවේදනය කෙරේ

Date:

2021 වසරට අදාළ අයි.සී.සී සම්මානලාභීන්ගේ නම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(23) ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළා.

අයි.සී.සී සම්මාන 13කට අදාළ සම්මානලාභීන්ගේ නම් නිවේදනය කිරීමට නියමිතව ඇති අතර, අද සහ හෙට දිනයේ දී එම සම්මානලාභීන්ගේ නම් ප්‍රකාශයට පත් කරනු ඇති.

ඒ අනුව වසරේ අයි.සී.සී පන්දුවාර 20යි 20 ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය මෙවර හිමි කර ගත්තේ පාකිස්තාන කඩුලු රකින ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන්.

වසරේ අයි.සී.සී පන්දුවාර 20යි 20 ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සදහා නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගගේ නම ද ඇතුළත්ව තිබුණා.

එංගලන්ත කඩුලු රකින පිතිකරු ජොස් බට්ලර් හා ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් ද නිර්දේශිත නාම අතරට අයත් වුණා.

වසරේ 20යි 20 ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය එංගලන්තයේ Tammy Beaumont විසින් දිනා ගත්තා.

ටෙස්ට් වරම් හිමි නොවූ රටවලට අදාළ වසරේ අයි.සී.සී ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඕමාන කණ්ඩායමේ නායක Zeeshan Maqsood ද, ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ඕස්ට්‍රියාවේ Andrea-Mae Zepeda ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

මේ අතර, වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේ දකුණු අප්‍රිකාවේ ජනෙමන් මලාන්.

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩිකා Fatima Sana සම්මාන දිනා ගත්තේ වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...