ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් ප්‍රසාද ලකුණු සටහන

Date:

2021 වසරේ සිට 2023 වසර දක්වා ක්‍රියාත්මක අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියරේ අවසන් තරගාවලිය අද(20) නිමා වුණා. ඒ, ශ්‍රී ලංකාව සමග පැවැති තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය නවසීලන්ත කණ්ඩායම තරග 2-0 ක් ලෙස ජය ගැනීමත් සමගයි.

නවසීලන්ත – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද වෙලින්ටන් හි Basin Reserve ක්‍රීඩාංගනයේ දී ක්‍රියාත්මක වූ අතර, අඛණ්ඩව සිය දෙවැනි ඉනිම ද ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 358 ක් පමණයි.

ඒ අනුව එම තරගයෙන් ඉනිමක හා ලකුණු 58 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ මේ වන විට පැවැත්වීමට ඉතිරිව ඇත්තේ ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර අවසන් මහා තරගය පමණයි. එම තරගය ජූනි 7 වැනිදා එංගලන්තයේ ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේනම් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා ද සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට පැවතුණා.

කෙසේ වෙතත්, තරගාවලිය තරග 2-0 ක් ලෙස පරාජයට පත් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙවර ලෝක ටෙස්ට් ශූරතාවලිය අවසන් කිරීමට සිදු වූයේ 5 වැනි ස්ථානය හිමි කර ගනිමින්.

ප්‍රසාද ලකුණු සටහන –

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...