Gladiators පන්දු යවන්නෙකුට පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා

Date:

Quetta Gladiators දග පන්දු යවන ක්‍රීඩක Usman Tariq ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය යටතේ Gladiators කණ්ඩායම පසුගිය බදාදා Karachi Kings කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ තරගයේ දී යි මෙම චෝදනාව එල්ල වී ඇත්තේ.

කෙසේ වෙතත්, පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයක් පවත්වන තුරු ඔහුට තවදුරටත් තරගාවලියේ දී පන්දු යැවීම සදහා අවස්ථාව ලබා දී තිබෙනවා.

නමුත්, PSL තරගාවලියේ දී ඔහුගේ ඉරියව්ව සැක සහිත බවට යළිත් වරක් චෝදනා එල්ල වුවහොත් ඔහුට පන්දු යැවීම සදහා තාවකාලික තහනමක් පැනවීමට නියමිතයි.

මෙය Usman Tariq ක්‍රීඩා කරන පළමු පාකිස්තාන සුපර් ලීග් තරගාවලියයි. මෙවර අදියරේ දී මේ දක්වා ඔහු තරග තුනකදී කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයක් පවත්වන දිනයක් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු නිවේදනය කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...