Day 2 Report : එංගලන්තය ලකුණු 460 ක් පිටුපසින්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය අද(8) මුල්තාන් හී දී නිමා වුණා.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය එක් කඩුල්ලක් දැවී 96 ක් ලබා සිටියා. ඒ, තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 556 ට පිළිතුරු ලෙසයි.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටි සැක් ක්‍රව්ලි ලකුණු 64 ක් හා ජෝ රූට් ලකුණු 32 ක් ලබා කඩුල්‌ලේ රැදී සිටිනවා.

බෙන් ඩකට් පන්දු රකිමින් සිටියදී අතක ආබාධයකට ලක් වීම හේතුවෙන් ඔහුට ඉනිම ආරම්භ කිරීමට නොහැකි වුණා. ඒ අනුව අද දිනයේ දී එංගලන්ත ඉනිම ආරම්භ කළ නායක ඔලී පෝප් පන්දු දෙකකට පමණක් මුහුණ දී ලකුණු නොලබා සිටියදී දැවී ගියේ නසීම් ශාහ්ගේ පන්දුවක් හමුවේ ආමිර් ජමාල් රැක ගත් සුපිරි උඩ පන්දුවක් හමුවේයි. (දර්ශන පහතින්)

අද දිනයට තරගය ආරම්භ කරන විට තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තානය කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 328 ක්. ඊයේ දිනයේ දී ආරම්භක පිතිකරු අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 102 ක් හා නායක ශාන් මසූඩ් ලකුණු 151 ක් ලබා ගනිමින් පාකිස්තාන ඉනිම ශක්තිමත් කළා. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 253 ක්.

අද දිනයේ දී සල්මන් ආගා පාකිස්තාන ඉනිමේ වාර්තා වූ තෙවැනි ශතකය වාර්තා කරමින් ලකුණු 104 ක් නොදැවී රැස් කළා. සවුද් ශකීල් ලකුණු 82 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ජැක් ලීච් කඩුලු 3 ක් දවා ගත් අතර, ගස් ඇට්කින්සන් හා Brydon Carse කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

මේ වන විට එංගලන්තය පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 460 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...