CPL තවත් තරග දෙකක් අද; ශාන්ත කිට්ස් තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ

Date:

කැරිබියන් ප්‍රිමියර් ලීග් හෙවත් CPL තරගාවලියේ තවත්තරග දෙකක් අද(4) දිනයේ දී පැවැත්වෙනවා.

දිනයේ පළමු තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වන්නේ ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම හා ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායම අතරයි.

තරගාවලියේ 16 වැනි තරගය ලෙස බාර්බඩෝස් රෝයල්ස් හා ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම් අතර තරගය මෙරට වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12ට ආරම්භ වීමට නියමිතයි.

සුපුරුදු පරිදි ශාන්ත කිට්ස්හි වෝනර් පාර්ක් ක්‍රීඩාංගනයේ දී එම තරග ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ සහභාගී වූතරග පහම ජය ගනිමින්.

ඔවුන් පසුගියදා බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායම සමග පැවැති මෙවර තරගාවලියේ 14 වැනි තරගයෙන් කඩුලු 2ක තියුණු ජයක් වාර්තා කිරීමට ද සමත් වුණා.

අවසන් පන්දුව දක්වා ජයග්‍රහනය කණ්ඩායම් දෙකටම දෝලනය වූ මෙම තරගයෙන් ශාන්ත කිට්ස් කණ්ඩායමට ජය ගෙන ආවේ ෂෙල්ඩන් කොට්‍රෙල් අවසන් පන්දුවට එල්ල කළ හයේ පහරත සමගයි.

අවසන් පන්දුවට තරගය ජය ගැනීම සදහා ලකුණු 4ක් අවශ්‍යව තිබූ මොහොතක ඔහු එම හයේ පහර එල්ල කළා.

ලකුණු සාරාංශය – 

බාර්බඩෝස් රෝයල්ස් 160/8 (20)

ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් 163/8 (20)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...