BPL ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවට ඉදිරිපත්ව ඇති ප්‍රධාන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්

Date:

බංගබන්දු බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (බී.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමට(Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවට ඉදිරිපත්ව ඇති ක්‍රීඩකයින් කාණ්ඩගත කර ඇති අයුරු විදෙස් ක්‍රීඩා මාධ්‍ය අනාවරණය කර තිබෙනවා.

ඊට අනුව එහි වැඩිම වටිනාකමක් සහිත ක්‍රීඩක කාණ්ඩය වන ‘A’ කාණ්ඩය සදහා ඇතුළත්ව ඇති බංග්ලාදේශ ක්‍රීඩකයින් වන්නේ මෂ්රෆී මොටාසා, ශකිබ් අල් හසාන්, ටමිම් ඉක්බාල්, මහ්මුදුල්ලාහ්, මුෂ්ෆිකර් රහීම් හා මුස්ටර්ෆිසුර් රෙහ්මාන් යන ක්‍රීඩකයින්.

විදෙස් වාර්තාවන්ට අනුව මෙවර බී.පී.එල් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට දේශීය ක්‍රීඩකයින් 210 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින් 406ක් ඉදිරිපත්ව තිබෙනවා.

විදෙස් ක්‍රීඩකයින් අතරින් ඉහළම ගෙවීමක් හිමිවන ‘A’ කාණ්ඩයට (අමෙරිකානු ඩොලර් 75,000) ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත්.

එනම් දුෂ්මන්ත චමීර, ඉසුරු උදාන හා වනිදු හසරංගයි.

‘B’ කාණ්ඩය සදහා (අමෙරිකානු ඩොලර් 50,000) ශ්‍රී ලංකාවෙන් ධනුෂ්ක ගුණතිලක, දිනේෂ් චන්දිමාල්, මශීෂ් තීක්ෂණ, නුවන් ප්‍රදීප් හා කුසල් මෙන්ඩිස් ඇතුළත්.

චාමික කරුණාරත්න, ධනංජය ලක්ෂාන්, ලසිත් ඇඹුල්දෙණිය, සීක්කුගේ ප්‍රසන්න හා සුරංග ලක්මාල් යන ක්‍රීඩකයින් ‘C’ කාණ්ඩයට (අමෙරිකානු ඩොලර් 40,000) අයත්.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මීළග අදියර ජනවාරි 21 වනදා ආරම්භ වීමට නියමිත අතර, ක්‍රීඩක කෙටුම්පත් කිරීම එළඹෙන 27 වනදා සිදු කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...