Asia Cup 2023 : බංග්ලාදේශය ලකුණු 164 කට දැවී යයි

Date:

මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකාවට ලකුණු 165 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඒ, මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 164 කට දැවී යාමත් සමගයි.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නජ්මුල් හොසේන් ශන්ටෝ ලකුණු 89(122) ක් රැස් කළා. තව්හිද් හ්රිදෝයි ලකුණු 20 යි.

මොහමඩ් නයීම් ලකුණු 16 කටත්, මුෂ්ෆිකර් රහීම් ලකුණු 13 කටත් දැවී ගියා.

සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

පන්දු යැවීමේ දී මතීෂ පතිරණ කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 32 ක් ලබා දෙමින්.

මහීෂ් තීක්ෂණ කඩුලු 2 ක් දවා ගත් අතර, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ හා දසුන් ශානක එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...