ACC හා PCB නිළධාරීන් පල්ලේකැලේ හා ප්‍රේමදාස ක්‍රීඩාංගනවල නිරීක්ෂණ චාරිකාවක

Date:

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ (ACC) හා පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ (PCB) නිළධාරීන් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා. ඒ, 2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සංවිධාන කටයුතු පිළිබද සාකච්ඡා කිරීම සදහායි.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් අද(20) දිනයේ දී මෙරටට පැමිණි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ. නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් මෙරටට පැමිණි ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සාමාජිකයින් ද තවදුරටත් මෙරට රැදී සිටිනවා.

මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත අතර, මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී හා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී මෙරට පැවැත්වෙන තරග පැවැත්වීමට නියමිතයි.

ඒ් අනුව හෙට(21) දිනයේ දී ආසියානු ක්‍රිකට් කවුන්සලයේ හා පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් එම ක්‍රීඩාංගනවල නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම ආසියානු කුසලාන තරගාවලියේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් එම නිළධාරීන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් අතර ද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ආසියානු කුසලාන තරගාවලිය අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, තරගාවලියේ සමාරම්භක තරගය පාකිස්තානය හා නේපාලය අතර මුල්තාන් හී දී යි පැවැත්වීමට නියමිතව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...