දකුණු අප්‍රිකාව ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගයකට සූදානමින්

Date:

දකුණු අප්‍රිකා ක්‍රිකට් ක්‍රීඩකයින් ලබන සතියේ සිට පුහුණුවීම් කටයුතු යළි ආරම්භ කිරීමට ඉඩ ඇති බව වාර්තා වනවා.

රජයේ අනුමැතියට යටත්ව පුහුණුවීම් කටයුතු ආරම්භ කරනු ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

මට්ටම් 5කින් යුත් රට වසා දැමීමේ ක්‍රියාවලියේ (ලොක්ඩවුන්) තෙවන මට්ටමට දකුණු අප්‍රිකාව පත් කිරීමත් සමගයි මෙම පහසුකම එරට ක්‍රිකට් ක්‍රීඩකයින්ට හිමිව ඇත්තේ.

එහිදී ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතියට යටත්ව ස්පර්ශ වීමක් සිදු නොවන වෘත්තීය ක්‍රීඩා පුහුණුවීම් කටයුතු සහ තරග ආරම්භ කිරීමට අවස්ථාව හිමි වනවා.

පුහුණුවීම් ආරම්භ කරන ආකාරය සම්බන්ධයෙන් එරට රජයට දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරියේ දී පැහැදිලි කිරීමක් ද සිදු කිරීමට නියමිත බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේ.

එමෙන්ම මෙම මස අවසානයේ දී ප්‍රදර්ශනාත්මක තරගයක් ද පැවැත්වීමට ඉඩ ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...