ගිබ්ස්ට තවත් කණ්ඩායමක ප්‍රධාන පුහුණුකාරධූරයක්

Date:

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට එක්වන කරච්චි කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක හර්ෂල් ගිබ්ස් පත් කර තිබෙනවා.

ඒ, මීට පෙර අදාළ ධූරයේ කටයුතු කළ ඩීන් ජෝන්ස් වෙනුවටයි.

ඩීන් ජෝන්ස් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී අභාවප්‍රාප්ත වූ අතර, නොවැම්බර් මාසයේ දී පැවැති පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ අවසන් වටයේ තරග සදහා කරච්චි කණ්ඩායම සහභාගී වූයේ වසීම් අක්‍රම්ගේ වැඩබලන පුහුණුකාරීත්වය යටතේයි.

කරච්චි කිංග්ස් කණ්ඩායම එහිදී පළමු වරට ශූරතාවය ද දිනා ගත් අතර, අදාළ ජයග්‍රහනය ඩීන් ජෝන්ස් වෙනුවෙන් පුද කිරීමට ද ඔවුන් අමතක කළේ නැහැ.

ගිබ්ස් මීට පෙර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කලම්බු කිංග්ස් කණ්ඩායමේ ද ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...