වීඩියෝවක් නිසා රෝහිට් ඇතුළු 5ක් ඔස්ට්‍රේලියාවේ දී හුදෙකලා කෙරේ

Date:

සමාජජාලා මාධ්‍ය වෙත නිකුත් කෙරුණු වීඩියෝවක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවට එරෙහි ඉන්දීය ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් පස් දෙනෙකු හුදෙකලා කිරීමකට ලක් කර තිබෙනවා.

පූර්වාරක්ෂක පියවරක් වශයෙන් එම පියවර ගෙන ඇති බවයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

රෝහිට් ෂර්මා, රිෂාබ් පාන්ට්, ෂුබ්මන් ගිල්, ප්‍රිත්වි ෂෝ සහ නව්දීප් සයිනි යන ක්‍රීඩකයින් මෙලෙස සෙසු ක්‍රීඩකයින්ගෙන් හුදෙකලා කර ඇති බව සදහන්.

අදාළ ක්‍රීඩකයින් මෙල්බර්න් නුවර අවන්හලක භෝජන සංග්‍රහයකට එක්ව සිටින ආකාරයක් අදාළ වීඩියෝවේ සටහන්ව තිබෙනවා.

ඒ අනුව ඔවුන් ජෛව ආරක්ෂන සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇත්දැයි ඉන්දීය ක්‍රිකට් ආයතනය සහ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පරීක්ෂණ ආරම්භ කර ඇති බව සදහන්.

අදාළ ක්‍රීඩකයින් පස් දෙනා හුදෙකලා කර ඇතත්, ඔවුන්ට පුහුණුවීම් කටයුතු සදහා අවසර ලබා දී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...