මෙන්ඩිස්ගේ පිතිකරණ ස්ථානයේ වෙනසක් – ක්‍රීඩකයින් 5ක් ඉවතට – දෙදෙනෙකුට ටෙස්ට් වරම්

Date:

ආබාධ හේතුවෙන් ක්‍රීඩකයින් පස් දෙනෙකුට දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව මේ වන විට අහිමි වී ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න අද(2) තහවුරු කළා.

ඒ, හෙට(3) තරගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද පැවැති මාධ්‍ය හමුවකදීයි.

ඒ අනුව දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, ළහිරු කුමාර, කසුන් රාජිත සහ ඕෂද ප්‍රනාන්දු යන ක්‍රීඩකයින්ට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වනු ඇති.

සුරංග ලක්මාල් සහ වනිදු හසරංග දෙවැනි තරගය සදහා ක්‍රීඩා කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි දිමුත් කියා සිටියේ.

ඔවුන් අද දිනයේ දී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සදහා මුහුණ දෙන බවත්, ඉන් සමත් වුවහොත් දෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කරන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා කියා සිටියා.

මේ අතර, මිනෝද් භානුක සහ අසිත ප්‍රනාන්දු හෙට තරගයේ දී ටෙස්ට් වරම් හිමි කර ගනු ඇති බවයි දිමුත් පවසා සිටියේ.

ළහිරු තිරිමාන්න අංක 3 පිතිකරු ලෙසත් කුසල් මෙන්ඩිස් අංක 4 පිතිකරු ලෙසත් ක්‍රීඩා කිරීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...