LPL නියෝජනය කළ දැවැන්තයෙක් IPL හැර යාමට තීරණය කරයි

Date:

පසුගිය වසර අවසානයේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කළ දකුණු අප්‍රිකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා නොකිරීමට තීරණය කර තිබෙනවා.

ඩේල් ස්ටේන් මේ බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තහවුරු කළා.

ඔහු වැඩිදුරටත් සදහන් කර තිබුණේ තමාට කිසිසේත් විශ්‍රාම ගැනීමේ අවශ්‍යතාවයක් මෙම අවස්ථාවේ නොපවතින බවයි.

අදාළ කාලයේ දී තාවකාලීක විවේකයක් ලබා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ස්ටේන් සදහන් කළා.

ඔහු පසුගිය වසරේ පැවැති IPL තරගාවලියේදී රෝයල් චැලෙන්ජ්ස් බැංගලෝර් කණ්ඩායමයි නියෝජනය කළේ.

කෙසේ වෙතත්, එම කණ්ඩායම වෙනුවෙන් හෝ වෙනත් කණ්ඩායමක් වෙනුවෙන් හෝ තමා මෙවර අයි.පී.එල් තරගාවලියට එක් නොවන බව ඩේල් ස්ටේන් පෙන්වා දෙනවා.

තමාගේ අවශ්‍යතාවය තේරුම් ගැනීම සම්බන්ධයෙන් තමා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ස්තූතිය පුද කරන බවයි ඔහු සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...