බබාර්ට ක්‍රයිස්චර්ච් ටෙස්ට් තරගයත් අහිමි වෙයි

Date:

නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද පාකිස්තාන නායක බබාර් අසාම්ට අහිමි වී තිබෙනවා.

ඒ ඔහුගේ ආබාධ තත්ත්වය මෙතෙක් සම්පූර්ණයෙන් සුව අතට පත්ව නොතිබීම හේතුවෙන්.

ඒ අනුව හෙට(3) ක්‍රයිස්චර්ච්හී දී ආරම්භ වන දෙවන ටෙස්ට් තරගයේ දී ද කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මොහොමඩ් රිස්වාන්ට පැවරෙනු ඇති.

බබාර් අසාම් ඊයේ දිනයේ දී පුහුණුවීම්වලද නිරත වී ඇතත්, ඔහුට සිය දකුණු අතෙහි මහපටගිල්ලෙහි සුළු වේදනාවක් දැනී ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක් වුණේ.

නවසීලන්ත තරග සංචාරය ආරම්භ කරමින් පැවැති 20යි 20 තරගාවලියට ද පෙර බබාර් අසාම්ගේ දකුණු මහපටගිල්ලෙහි අස්ථි බිදීයාමක් සිදු වුණා.

ඒ හේතුවෙන් ඔහුට නවසීලන්ත තරග සංචාරයේ කිසිදු තරගයක් ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

Pakistan squad for the second Test :

Mohammad Rizwan (c, wk), Abid Ali, Azhar Ali, Faheem Ashraf, Fawad Alam, Haris Sohail, Imran Butt, Mohammad Abbas, Naseem Shah, Sarfaraz Ahmed, Shaheen Shah Afridi, Shan Masood, Sohail Khan, Yasir Shah and Zafar Gohar

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...