වැඩිම එක්දින අර්ධ ශතකලාභීන්ගේ ලෝක වාර්තාව ගැන ඔබ දැන සිටියාද?

Date:

සියය සදහා ක්‍රිකට් ක්‍රීඩාවේ හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.

කඩුලු සියයක්, ලකුණු සියයක්, උඩ පන්දු සියයක් ලබා ගැනීම යනු ක්‍රීඩකයින්ගේ සිහිනයක් බව නොරහසක්.

ශතකයට මෙන්ම අර්ධ ශතකයට ද ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂී ස්ථානයක් හිමිවනවා.

මෙලෙස සුවිශේෂී ස්ථානයක් හිමිවන අර්ධ ශතක සම්බන්ධයෙන් ඇති ලෝක වාර්තාවක් පිළිබදවයි අප අද අවධානය යොමු කරන්නේ.

මේ වන විට ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ අර්ධ ශතක වැඩිම ප්‍රමාණයක් වාර්තා කර ඇති පිතිකරුවන් පිළිබදවයි මේ සටහන.

එහි පෙරමුණේ පසුවන්නේ ඉන්දීය හිටපු නායක සචින් ටෙන්ඩුල්කාර්.

ඔහු එක්දින ඉනිම් 452කදී අර්ධ ශතක 96ක් වාර්තා කර ඇති අතර, එක්දින පිටියේ දී ලකුණු 50 සීමාව පසු කළ සමස්ත අවස්ථා සංඛ්‍යාව (ශතකද ඇතුළත්ව) 145ක්.

එහි දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමර් සංගක්කාරට හිමියි.

ඔහු ඉනිම් 380කින් ලබා ගෙන ඇති අර්ධ ශතක ප්‍රමාණය 93ක්.

ලකුණු 50 සීමාව පසු කළ සමස්ත අවස්ථා ගණන සටහන් වන්නේ 118ක් ලෙසයි.

තෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාවේ ජැක් කලිස්ටත් (අර්ධ ශතක 86), සිව්වන ස්ථානය ඔස්ට්‍රේලියාවේ රිකී පොන්ටින්ටත් (අර්ධ ශතක 82),හිමිව තිබෙනවා.

කෙසේ වෙතත්, එක්දින තරගවලදී ලකුණු 50 සීමාව පසු කළ සමස්ත අවස්ථා ගණන සැලකීමේ දී රිකී පොන්ටින් තෙවැනි ස්ථානයේ පසුවන්නේ අවස්ථා 112කදී එම දක්ෂතාවය දක්වමින්.

ජැක් කලිස් එම දක්ෂතාවය දක්වා ඇති අවස්ථා ගණන 103ක්.

ලකුණු 50 සීමාව අවස්ථා සියයකට වඩා වැඩි අවස්ථාවකදී පසු කළ අනෙක් එකම පිතිකරුවා වන්නේ ඉන්දීය නායක විරාට් කෝලි.

ඔහු අවස්ථා 101කදී ලකුණු 50 සීමාව පසු කර ඇති අතර, ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන සහ සනත් ජයසූරිය ද අවස්ථා 96 බැගින් ලකුණු 50 සීමාව පසු කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...