රබාඩාට දෙවැනි ටෙස්ට් තරගයත් අහිමි වන ලකුණු

Date:

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩාට අහිමි වනු ඇති බව වාර්තා වනවා.

දකුණු අප්‍රිකානු ප්‍රධාන පුහුණුකරු මාර්ක් බවුචර් ඒ පිළිබද ඉගි පල කර ඇති බව සදහන්.

ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර ගැනීම සදහා අවශ්‍ය කාලය ලබා දීමේ අරමුණින් රබාඩාට දෙවැනි ටෙස්ට් තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා නොදීමට අවධානය යොමු කර ඇති බවයි පුහුණුකරු සදහන් කර ඇත්තේ.

මේ අතර, ආබාධ හේතුවෙන් Glenton Stuurman සහ Migael Pretorius ශ්‍රී ලංකාවට එරෙහි දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතයෙන් ඉවත් කිරීමට ද පසුගියදා පියවර ගැණුනා.

එමෙන්ම දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන දකුණු අප්‍රිකා සංචිතයට බෙයුරන් හෙන්ඩ්‍රික්ස් කැදවීමටයි එරට ක්‍රිකට් ආයතනය තීරණය කළේ.

දෙරට අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරගය හෙට(3) ජොහැනස්බර්ග් හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...