ඉතිහාසයේ පළමු වරට නවසීලන්තය ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට

Date:

ඉතිහාසයේ පළමුවරට ලෝක ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය හිමි කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද(30) සමත් වුණා.

ඒ, පාකිස්තානය සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඔවුන් ලකුණු 101ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

නවසීලන්තයේ මවුන්ට් මංගනුයිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය සියලු දෙනා දැවී ලකුණු 431ක් ලබා ගත්තා.

නායක කේන් විලියම්සන් ලකුණු 129ක් සහ බී.ජේ.වොට්ලින් ලකුණු 73ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළා.

පිළිතුරු ලෙස පාකිස්තාන පළමු ඉනිම ලකුණු 239කට සීමා වුණේ ෆහීම් අශ්රෆ්ගේ ලකුණු 91න් සහ නායක මොහොමඩ් රිස්වාන්ගේ ලකුණු 71න් සවිමත් වෙමින්.

අනතුරුව නවසීලන්තය සිය දෙවන ඉනිම කඩුලු 5ක් දැවී සිටියදී අත්හිටුවීමට තීරණය කළේ ලකුණු 180 ලබා සිටියදීයි.

ඒ අනුව තරගය ජය ගැනීම සදහා පාකිස්තානයට සිය දෙවැනි ඉනිමේ දී හිමි වූ ඉලක්කය ලකුණු 373ක්.

කෙසේ වෙතත්, තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී පාකිස්තානයට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 271ක් පමණයි.

සිය දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ෆවඩ් අලාම් ලකුණු 102කට දැවී ගිය අතර, නායක මොහොමඩ් රිස්වාන් ලකුණු 60ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ටිම් සවුති, ට්‍රෙන්ට් බෝල්ට්, ක්යිල් ජමිසන්, නෙයිල් වෑග්නර් සහ මිචෙල් සැන්ට්නර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීම සදහා පාකිස්තානයට මනා අවස්ථාවක් පැවතිය ද, ඔවුන්ගේ අවසන් කඩුලු 6 ලකුණු 31ක් තුළ දැවී යාම විශේෂත්වයක්. (නවසීලන්තය ජය තහවුරු කළ අයුරු පහතින් නරඹන්න)

මෙම ජයත් සමගින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම සදහා වැඩි අවස්ථාවක් උදා කර ගැනීමට ද නවසීලන්තය සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...