කොරෝනා ලොක්ඩවුන් හමුවේ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගාවලියට වෙන දේ

Date:

පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දැඩි හුදෙකලා කිරීමේ නීති පැනවීමට දකුණු අප්‍රිකා රජය පියවර ගැනීම හමුවේ වුව ද, දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ගැටලුවකින් තොරව තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක වන බව එරට ක්‍රිකට් ආයතනය පවසනවා.

එරට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් දකුණු අප්‍රිකා රජය විසින් පළමු මට්ටමේ සිට තෙවන මට්ටම දක්වා අවධානම් තත්ත්වය ඉහළ නැංවීමටයි මේ වන විට පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව සියලු ඒකරාශී වීම් සති දෙකකට තහනම් වන අතර, දැඩි ඇදිරී නීතියක් ද එරට තුළ ක්‍රියාත්මක වනවා.

කෙසේ වෙතත්, ප්‍රේක්ෂක සහභාගීත්වයක් නොමැතිව ජාත්‍යන්තර තරග එරට තුළ පැවැත්වීම සදහා තවදුරටත් අවසර පවතිනවා.

මේ වන විට එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...