රහානේගෙන් ශතකයක් – ඉන්දියාව ලකුණු 82ක් ඉදිරියෙන්

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද(27) නිමා වුණේ තරගයේ වැඩි ගෞරව තවදුරටත් ඉන්දියාවට ලබා දෙමින්.

බොක්සිං දින තරගයක් ලෙස මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී ඊයේ ආරම්භ වූ තරගය අද දිනට නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 277ක්.

නායකත්වයේ වගකීම නිසි ලෙස ඉටු කරමින් අජින්කෙයා රහානේ නොදැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 104ක්.

පන්දු 200කින් වාර්තා වී ඇති ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් ඇතුළත්.

මෙය ඔහු වාර්තා කළ 12 වන ටෙස්ට් ශතකයයි.

දිනය නිමා වන විට ඔහුට අනගි සහයෝගයක් ලබා දෙමින් අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 40යි.

ඔවුන් දෙදෙනා අතර මේ වන විට 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගී ඇති නොබිදුණු සබදතාවය ලකුණු 104ක්.

මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ ෂුබ්මන් ගිල් ලකුණු 45කටත්, චෙටස්වර් පුජාරා ලකුණු 17කටත් දැවී ගිය අතර, රිෂාබ් පාන්ට් ලකුණු 29ක් සහ හනුමා විහාරි ලකුණු 21ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් සහ පැට් කමින්ස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මෙම ඉනිමේ දී ද ඔස්ට්‍රේලියානු පන්දු රකින්නන් අතින් උඩ පන්දු කිහිපයක්ම ගිලිහී යාම විශේෂත්වයක්.

ඊයේ දිනයේ දී තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු නායක ටිම් පේන් පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, ඔවුන්ට සියලු පිතිකරුවන් දැවී පළමු ඉනිමට ලබා ගත හැකි වූයේ ලකුණු 195ක් පමණයි.

ඔස්ට්‍ර්ලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් මර්නස් ලබුෂේන් ලකුණු 48ක් රැස් කළ අතර, ට්‍රැවිස් හෙඩ් ලකුණු 38යි.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 4ක් දවා ගත් අතර, රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 3ක් දවා ගත්තා.

ඒ අනුව ඉන්දියාව මේ වන විට සිය පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 82ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...