චන්දිමාල් – ධනංජය ගොඩනැගූ සබදතාව වසර 18 ක් පැරණි වාර්තාවක් අලුත් කරයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය ආරම්භ කරමින් ප්‍රථම ටෙස්ට් තරගය සෙන්චූරියන්හී සුපර්ස්පෝර්ට් පාර්ක් ක්‍රීඩාංගණයෙදී ඊයේ (26) ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ප්‍රථමයෙන් පන්දුවට පහර දීමටයී තීරණය කළේ.

නමුත් ශ්‍රී ලංකා ඉනිමට ඉහළ දායකත්වයක් ලබා දීමට නායක දිමුත්ට අවස්ථාවක් ලැබුණේ නැහැ.

ඔහු පන්දු 20 ක් තුළ ලකුණු 22 ක් ලබා සිටියදී ලුන්ගි එන්ගිඩී යොමුකළ පන්දුවක් හමුවේ දැවී ගියා.

ඉනිමේ දෙවන කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 12 කට දැවී ගිය අතර, මුළු ලකුණු පුවරුව 54 ක් ව තිබියදී ලකුණු 16(29) ක් ලබා සිටි කුසල් පෙරේරා ද යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට දකුණු අප්‍රිකා පන්දු යවන්නන් සමත් වුණා.

ඉන් අනතුරුව 4 වන කඩුල්ලට දිනේෂ් චන්දිමාල් සමගින් පිටියේ එක් වු ධනංජය ද සිල්වා ගොඩනැගූ අගනා සබදතාවත් සමගින් ශ්‍රී ලංකා ඉනිම යළි ස්ථාවර වුණා.

ඉතාමත් අවාසනාවන්ත ලෙස ධනංජය ද සිල්වා ලකුණු 79 ක් ලබා සිටියදී අබාධයකට ලක්ව පිටියෙන් ඉවත්වීමත් සමග දිනේෂ් චන්දිමාල් සමගින් ඔහු ගොඩනැගූ සබදතාව ලකුනු 131 කට සීමා වුණා.

එම සබදතාව වාර්තා අතරට එක් වුණේ සෙන්චූරියන්හි සුපර්ස්පොර්ට් පාර්ක් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු ඕනෑම කඩුල්ලක් සදහා ගොඩනැගූ ඉහළම සබදතාවය ලෙසයි.

මීට පෙර කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන එම වාර්තාවට උරුමකම් කියූ අතර ඔවුන් 2002 වසරේ මෙම ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයකදී තෙවැනි කඩුල්ල සදහා ලකුණු 119 ක සබදතාවක් ගොඩ නගා තිබුණා.

එමෙන්ම ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු දකුණු අප්‍රිකාවට එරෙහිව සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ ඉහළම ලකුණු සබදතාවය වන්නේ ද ධනංජය සහ චන්දිමාල් ඊයේ ගොඩ නැගූ මෙම සබදතාවයයි.

දිනේෂ් චන්දිමාල් ලකුණු 85 කට දැවී ගිය අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 49 යි.

මෙම තරගයේදී මංගල ජාත්‍යන්තර ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළ වණිදු හසරංගට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 18ක් පමණයි.

තරගයේ ප්‍රථම දිනය අවසන් වන විට ප්‍රබල ස්ථානයක රැඳී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 340 ක්.

දසුන් ශානක ලකුණු 25 ක් සහ කසුන් රාජිත ලකුණු 7 ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...