දෙවන දිනය ආරම්භයේ දී ම ශ්‍රී ලංකාවෙන් තවත් වාර්තාවක්

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි(27).

අද දිනට තරගය ආරම්භ කරන විට තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 340ක්.

ඒ අනුව තවත් වාර්තාවක් බිද දැමීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට උදා වී තිබූ අතර, ඔවුන් එය අද දිනය ආරම්භ වී යවනු ලැබූ දෙවන පන්දුවෙන්ම බිද දැමීමට සමත් වුණා.

ඒ, දකුණු අප්‍රිකාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමක් ටෙස්ට් ඉනිමකදී ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින්.

මීට පෙර ශ්‍රී ලංකාව එරට දී රැස් කර ගෙන තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ 2012 වසරේ දී ලබා ගත් ලකුණු 342යි.

කේප් ටවුන් හී දී ශ්‍රී ලංකාව එම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේ තෙවැනි ඉනිමේ දී යි.

කෙසේ වෙතත්, අදාළ තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 10කින් පරාජයට පත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...