ධනංජයගේ වෛද්‍ය වාර්තාව මෙන්න

Date:

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාට සති දෙකක කාලයක් විවේක ගැනීමට වෛද්‍ය උපදෙස් ලැබී තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකාව සමග ඊයේ(26) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ පිතිකරණයේ නිතර වෙමින් සිටියදී ඔහු මුහුණ දුන් ආබාධය හේතුවෙන්.

ලකුණක් කරා පැති මාරු කර ගැනීමේදී ධනංජය මෙලෙස පාදයක ආබාධයකට ලක් වුණා.

අනතුරුව ඔහු වෛද්‍ය පරීක්ෂණවලට ද යොමු කෙරුණු අතර, එහි ප්‍රතිපල අනුව ධනංජය ද සිල්වාට සති දෙකක කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වීමට සිදුව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අනුව ඔහුට මෙම තරගයේ දී යළි පිතිකරණයේ නිරත වීමේ අවස්ථාව ද අහිමි වනු ඇති.

ආබාධය නිසා පිටියෙන් ඉවත්ව යන විට ධනංජය ද සිල්වා නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 79ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...