පළමු දිනය අවසානයේ දී ඉන්දියාව ප්‍රබල ස්ථානයක

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායස අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද(26) බොක්සිං දින තරගයක් ලෙස මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු නායක ටිම් පේන් පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, ඔවුන්ට සියලු පිතිකරුවන් දැවී පළමු ඉනිමට ලබා ගත හැකි වූයේ ලකුණු 195ක් පමණයි.

ජෝ බර්න්ස් සහ ස්ටීව් ස්මිත් ලකුණු නොලබා දැවී ගියා.

ඔස්ට්‍ර්ලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් මර්නස් ලබුෂේන් ලකුණු 48ක් රැස් කළ අතර, ට්‍රැවිස් හෙඩ් ලකුණු 38යි.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 4ක් දවා ගත් අතර, රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 3ක් දවා ගත්තා.

මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් මොහොමඩ් සිරාජ් කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ආරම්භ කළ ඉන්දියාවට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට මිචෙල් ස්ටක් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ, පළමු පන්දුවාරයේ දී ම මයාන්ක් අගාර්වල් ලකුණු නොලබා දවා ගනිමින්.

කෙසේ වෙතත්, පළමු දිනය නිමා වන විට දිනයේ වැඩි ගෞරව ඉන්දියාවට හිමි වූ අතර, ඔවුන් එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 36ක්.

අද දින ටෙස්ට් වරම් දිනා ගත් ෂුබ්මන් ගිල් නොදැවී ලකුණු 28ක් සහ චෙටස්වර් පුජාරා නොදැවී ලකුණු 7ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඒ අනුව ඉන්දියාව මේ වන විට සිය පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 159ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...