බොක්සිං දින ටෙස්ට් තරගයේ දී ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙකුට ටෙස්ට් වරම්

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන ඉන්දීය සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම් නම් කර තිබෙනවා.

ඒ අනුව දෙවැනි තරගය සදහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් සිදු නොවන බවයි ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර් සදහන් කළේ.

එම තරගයට ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ට අහිමි වී ඇත්තේ ඉන්දියාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ඔහු ගොදුරු වූ ආබාධය මෙතෙක් සම්පූර්ණයේ සුව නොවීම හේතුවෙන්.

ඒ අනුව හෙට(26) ආරම්භ වන බොක්සිං දින ටෙස්ට් තරගය සදහා පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායමම ක්‍රීඩා කරනු ඇති.

මේ අතර, හෙට තරගය සදහා ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම ද මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විරාට් කෝලි යළි ඉන්දියාව බලා පිටත්ව ගිය බැවින් මෙම තරගයේ දී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ අජින්කෙයා රහානේටයි.

හෙට තරගය සදහා ඉන්දීය කණ්ඩායමේ වෙනස්කම් 4 සිදු කර තිබෙනවා.

ඒ අනුව ෂුබ්මන් ගිල් සහ මොහොමඩ් සිරාජ් හෙට තරගයේ දී ටෙස්ට් වරම් හිමි කරගන්නා බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් ක‍ළේ.

ජිල් කණ්ඩායමට කැදවා ඇත්තේ පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වූ ප්‍රිත්වි ෂෝ වෙනුවටයි.

ආබාධයකට ලක් වූ මොහොමඩ් ෂාමි වෙනුවට මොහොමඩ් සිරාජ් කණ්ඩායමට නම් කර තිබෙනවා.

ඊට අමතරව ව්රිධිමන් සහා වෙනුවට රිෂාබ් පාන්ට් කණ්ඩායමට කැදවා ඇති අතර, ඒ අනුව හෙට තරගයේ දී කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස පාන්ට් කටයුතු කරනු ඇති.

එමෙන්ම රවීන්ද්‍ර ජඩේජා ද කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...