පළමු ටෙස්ට් තරගයේ ආරම්භක පිතිකරුවන් ගැන දිමුත් පහදයි

Date:

දකුණු අප්‍රිකාවට එරෙහිව එළඹෙන 26 වනදා ආරම්භ වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස කුසල් ජනිත් කටයුතු කිරීමට වැඩි අවස්ථාවක් පවතින බව කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා.

ඒ, පසුගිය ටෙස්ට් තරගවලදී කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කළ ඕෂද ප්‍රනාන්දුට පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බැවින්.

නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී සිදු වූ ආබාධය මෙතෙක් සම්පූර්ණයෙන් සුව නොවීම හේතුවෙනුයි ඔහුට පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇත්තේ.

ඒ අනුව ඕෂධ වෙනුවට කුසල් ජනිත් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස යොදා ගැනීමට මේ වන විට අවධානය යොමුව තිබෙනවා.

අද(24) පැවැති අතථ්‍ය මාධ්‍ය හමුවකදී දිමුත් කරුණාරත්න කියා සිටියේ ඇන්ජෙලෝ මැතිව්ස්ගේ පුරප්පාඩුව හේතුවෙන් බොහෝ විට වනිදු හසරංග සහ දසුන් ශානක යන ක්‍රීඩකයින් දෙදෙනා පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කරනු ඇති බවයි.

මේ වන විට ක්‍රීඩකයින් 13 දෙනෙකුගේ සංචිතයක් පළමු ටෙස්ට් තරගය වෙනුවෙන් නම් කර ඇති බවත්, හෙට(25) දිනයේ දී අවසන් 11 දෙනා තෝරා ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...