සුරංග ලක්මාල් ආබාධයකට ලක් වෙයි

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ආබාධයකට ලක් වී තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ඊයේ(23) දිනයේ පැවැති පුහුණුවීම් අතරතුර දී යි.

ඒ අනුව අද දිනය ඔහුට විවේක ගැනීම සදහා ලබා දී තිබූ බවයි කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න අද පැවැති අතථ්‍ය මාධ්‍ය හමුවකදී සදහන් කළේ.

හෙට දිනයේ දී ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය සලකා බැලීමෙන් පසුව අනිද්දා ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සදහා ඔහුට ක්‍රීඩා කළ හැකි දැයි තීරණය කරන බව දිමුත් කියා සිටියා.

ඔහුට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් කසුන් රාජිත හෝ අසිත ප්‍රනාන්දු වැනි වෙනත් වේග පන්දු යවන්නෙකු කණ්ඩායමට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සදහන් කළේ.

මේ අතර, ළහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දු ද අනිද්දා පැවැත්වෙන තරගය සදහා ක්‍රීඩා කරනු ඇති බව දිමුත් කරුණාරත්න පවසා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...