අජන්ත මෙන්ඩිස් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 11ක් T 10 ලීගයට

Date:

අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීම (draft) හෙවත් ක්‍රීඩක කෙටුම්පත් කිරීම අද සිදු කෙරුණා.

ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී ඒ ඒ කණ්ඩායම් විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 6 දෙනෙකු තෝරා ගනු ලැබුවා.

ඒ අනුව මෙවර තරගාවලිය සදහා ක්‍රීඩා කරන සමස්ත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 11ක්.

තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ගිවිසුම් ගත වූයේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීම සදහායි.

හිටපු දග පන්දු යවක ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් පූනේ ඩෙවිල්ස් කණ්ඩායම විසින් ද, ළහිරු කුමාර ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසින් ද තෝරා ගෙන තිබෙනවා.

චාමර කපුගෙදර තෝරා ගෙන ඇත්තේ පූනේ ඩෙවිල්ස් කණ්ඩායම සදහායි.

දසුන් ශානක දිල්ලි බුල්ස් කණ්ඩායම විසින් තෝරා ගනු ලැබූ අතර, නොදන් වොරියර්ස්(Northern Warriors) කණ්ඩායම විසින් මහේෂ් තීක්ෂණ සිය කණ්ඩායම වෙත තෝරා ගත්තා.

මීට පෙර ශ්‍රී ලංකා මුල්පෙල පිතිකරුවෙකු වන අවිශ්ක ප්‍රනාන්දු අබුඩාබි කණ්ඩායම විසින් සිය කණ්ඩායමේ රදවා ගැනීමට තීරණය කළා.

එමෙන්ම පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා (Icon Player) ලෙස ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා නම් කෙරුණා.

ඉසුරු උදාන (බංග්ලා ටයිගර්ස් (Icon player), භානුක රාජපක්ෂ (ඩෙකෑන් ග්ලැඩියේටර්ස්) සහ දුෂ්මන්ත චමීර (දිල්ලි බුල්ස්) යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ද තරගාවලියට එක් වීමට නියමිතයි.

සිව්වන වරටත් පැවැත්වීමට නියමිත අබුඩාබි T 10 ලීග් තරගාවලිය ජනවාරි 28 වනදා ආරම්භ වන අතර, පෙබරවාරි 6 වනදා දක්වා තරගාවලිය පැවැත්වෙනු ඇති.

සියලු තරග අබුඩාබි ක්‍රීඩාංගයේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...