ශඩාබ් ඛාන්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි

Date:

පාකිස්තාන දග පන්දු යවන ක්‍රීඩක ශඩාබ් ඛාන්ට නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු පාදයක ආබාධයකට ගොදුරු වීම හේතුවෙන්.

ඒ අනුව ඔහු වෙනුවට වමත් දග පන්දු යවන ක්‍රීඩක සෆාර් ගොහාර් පාකිස්තාන සංචිතයට ඇතුළත් කර ඇති බව සදහන්.

ෂඩාබ් ඛාන් හෙට(24) දිනයේ දී වෛද්‍ය පරීක්ෂණයකට (MRI scans) මුහුණ දීමට නියමිත බවත්, ඔහුට කොපමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇත්ද යන්න එහිදී අණාවරණය වනු ඇති බවත් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළා.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 26 වනදා මවුන්ට් මංගනුයි හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...