වෝනර්ට දෙවැනි ටෙස්ට් තරගයත් අහිමි වෙයි

Date:

ඉන්දියාව සමග ලබන 26 වනදා මෙල්බර්න් හී දී ආරම්භ වන බොක්සිං දින ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ට අහිමි වී තිබෙනවා.

ඒ, ඉන්දියාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ඔහු ගොදුරු වූ ආබාධය මෙතෙක් සම්පූර්ණයේ සුව නොවීම හේතුවෙන්.

ඔහුට අමතරව ආබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක ශෝන් ඇබෝර්ට් හට ද  දෙවැනි ටෙස්ට් තරගය අහිමි වී ඇති බව සදහන්.

ඉන්දියාවට එරෙහි පුහුණු තරගයකදීයි ඔහු මෙලෙස ආබාධයකට ලක් වුණේ.

කෙසේ වෙතත්, ක්‍රීඩකයින් දෙදෙනාම තෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඉදිරියේ දී යළි ඔස්ට්‍රේලියානු සංචිතය හා එක් වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...