බිග් බෑෂ් පිටියේ පළමු පන්දුවට ගහේ රැදෙන්න හෝල්ඩර් ගහපු හයේ පහර

Date:

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලොව ප්‍රමුඛතම ලීග් ක්‍රිකට් තරගාවලියක් වන බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ප්‍රථම වරට හිමි කර ගැනීමට කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් සමත් වුණා.

ඔහු මෙවර තරගාවලියේදී සිඩ්නි සික්සර්ස් කණ්ඩායමයි නියෝජනය කරනු ලබන්නේ.

හෝල්ඩර් ක්‍රීඩා කල ප්‍රථම තරගය පසුගියදා හෝබාර්ට් ක්‍රීඩාංගණයේදී පැවත්වුණු අතර, එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට එරෙහිවයි.

අංක 7 පිතිකරු ලෙස පිතිකරණයේ නිරත වූ ඔහු පන්දු 5කින් නොදැවී ලකුණු 11ක් රැස් කළා.

එහිදී ජේසන් හෝල්ඩර් එල්ල කල හයේ පහරක් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

ඒ, අදාළ හයේ පහර ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම වාර්තා කිරීම නිසා පමණක් නොවේ.

ඉනිමේ 19 වන පන්දුවාරයේ දී වෙස් ඒගාර් යොමු කළ කෙටි පන්දුවකට මෙම හයේ පහර එල්ල කිරීමට හෝල්ඩර් සමත් වූ අතර, සීමා ඉරෙන් එපිට පතිත වූ එම පන්දුව පසුව අසළ තිබෙන ගසක රැඳීම විශේෂත්වයක්.

ඒ හේතුවෙන් ඉනිමේ ඉතිරි පන්දු කිහිපය ක්‍රීඩා කිරීම සදහා වෙනත් පන්දුවක් යොදා ගැනීමටයි විනිසුරුවන්ට සිදු වුණේ.

බිග් බෑෂ් ලීගයේ ජේසන් හෝල්ඩර් ක්‍රීඩා කල ප්‍රථම පන්දුව තුළම මෙවැනී අත්දැකීමකට මුහුණ දීමට සිදුවීම කැපී පෙනෙන සිදුවීමක්.

ග්‍රාමීය ප්‍රදේශවලනම් ක්‍රිකට් ක්‍රීඩා කරන අතරවාරයේ මෙවැනී සිදුවීම් ඉතාමත් සුලබ දෙයක් වුවත්, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් මෙවැනි තරගාවලියක මෙවැනි සිදුවීම් දැකගන්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින් බව අමතුවෙන් සදහන් කළ යුතු නොවේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...