දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් දෙදෙනෙක් ශ්‍රී ලංකා තරගාවලියෙන් ඉවත් කෙරේ

Date:

බෙයුරන් හෙන්ඩ්‍රික්ස් සහ කීගන් පීටර්සන් (Keegan Petersen) ශ්‍රී ලංකාවට එරෙහි දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ටෙස්ට් තරගාවලිය සදහා එරට ක්‍රීඩකයින් පසුගිය සෙනසුරාදා ඇතුළත් වූ ජෛව ආරක්ෂිත බුබුලට ද එම ක්‍රීඩකයින් දෙදෙනා ඇතුළත්ව සිටියේ නැහැ.

මීට පෙර දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ සංචිතයේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

කෙසේ වෙතත්, එම ක්‍රීඩකයින් දෙදෙනා කවුරුන්ද යන්න අණාවණය කළේ නැහැ.

සෙසු ක්‍රීඩකයින් 17 දෙනා වෛද්‍ය පරීක්ෂණ තුනකින් මේ වන විට සමත් වී ඇති බව ද එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය එළඹෙන 26 වනදා සෙන්චූරියන්හි සුපර් ස්පෝර්ට් පාර්ක් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

South Africa Test squad:

Quinton de Kock (captain), Temba Bavuma, Aiden Markram, Faf du Plessis, Dean Elgar, Keshav Maharaj, Lungi Ngidi, Rassie van der Dussen, Anrich Nortje, Glenton Stuurman, Sarel Erwee, Wiaan Mulder, Kyle Verreynne, Migael Pretorius, Dwaine Pretorius, Lutho Sipamla, Raynard van Tonder

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...