ෂාමි ටෙස්ට් තරගාවලියෙන් ඉවතට

Date:

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමිට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන ඉදිරි ටෙස්ට් තරග තුනම ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, නිමා වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ දී පන්දුවක් අතක වැදීමෙන් සිදු වූ ආබාධය හේතුවෙන්.

ඔහු පිතිකරණයේ නිරත වෙමින් සිටියදී පැට් කමින්ස් යොමු කළ පන්දුවක් දකුණු අතෙහි වැදීමෙන් මෙම ආබාධය සිදු වුණා.

සිය බිරිද වන බොලිවුඩ් නිලි අනුෂ්කා ෂර්මා පළමු දරු උපත වෙනුවෙන් සූදානමින් සිටින බැවින් නායක විරාට් කෝලි ද ඉදිරි ටෙස්ට් තරග සදහා ක්‍රීඩා කරන්නේ නැහැ.

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 26 වනදා මෙල්බර්න් හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...