කඩුලු 9ක විශිෂ්ඨ ජයක් සමගින් තරගාවලියේ ජය නවසීලන්තයට

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද(20) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි 20යි 20 තරගයෙන් නවසීලන්තය කඩුලු 9ක විශිෂ්ඨ ජයත් වාර්තා කිරීමත් සමගයි.

හැමිල්ටන්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 6ක් දැවී ලකුණු 163ක් ලබා ගත්තා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ මොහොමඩ් හෆිස් පන්දු 57කින් නොදැවී ලකුණු 99ක් රැස් කළා.

ඒ, හයේ පහර 5ක් සහ හතරේ 10කින් සිය ඉනිම වර්ණවත් කරමින්.

පන්දු යැවීමේ දී ටිම් සවුති ලකුණු 21කට කඩුලු 4ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 19.2ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීම විශේෂත්වයක්.

ටිම් සෙයිෆර්ට් පන්දු 63කින් ලකුණු 84ක් රැස් කළේ හයේ පහර 3ක් සහ හතරේ පහර 8ක් සමගින්.

නායක කේන් විලියම්සන් නොදැවී ලකුණු 57යි.

ඔවුන් දෙදෙනා අතර දෙවන කඩුල්ලට ගොඩ නැගුණු නොබිදුණු සබදතාවය ලකුණු 129ක්.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් 20යි 20 තරගය එළඹෙන 22 වනදා නේපියර් හී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...