ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පුහුණු තරගය කල් දැමේ

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා ආරාධිත කණ්ඩායම අතර අද(20) ආරම්භ වීමට නියමිතව තිබූ තෙදින පුහුණු ක්‍රිකට් තරගය කල් දැමීමට කටයුතු කර තිබෙනවා.

Benoni හී දි මෙම පුහුණු තරගය පැවැත්වීමටයි සැලසුම් කර තිබුණේ.

කෙසේ වෙතත්, කොරෝනා වසංගතයත් සමග ඇතිව තිබෙන විවිධ තත්ත්වයන් හේතුවෙන් මෙන්ම, නිරෝධායන මාර්ගෝපදේශ සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුවක් මත මෙම තරගය කල් දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු පුහුණු තරගයක් ක්‍රීඩා නොකර ලබන 26 වනදා දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතිනවා.

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා නම් කෙරුණු දකුණු අප්‍රිකා සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ද පසුගිය දා අණාවරණය වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...