ශහිඩ් අෆ්රිඩි T 10 ලීග් තරගාවලියට

Date:

පාකිස්තාන හිටපු ක්‍රිකට් නායක ශහිඩ් අෆ්රිඩි එළඹෙන අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වීමට එකගතාවය පල කර තිබෙනවා.

ඒ අනුව කලැන්ඩර්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා (icon player) ලෙස ඔහු තරගාවලියට එක් වන බවයි එම කණ්ඩායම සදහන් කළේ.

පසුගිය වසරේ දී ද ශහිඩ් අෆ්රිඩි අදාළ තරගාවලියට ක්‍රීඩා කිරීම වෙනුවෙන් මෙවැනි ආකාරයේම ගිවිසුමකට එළඹුනු නමුත් පසුව පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් වත්මන් සහ හිටපු පාකිස්තාන ක්‍රීඩකයින්ට T 10 ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා අවසර ලබා නොදීමට පියවර ගත්තා.

ඒ, පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුද හේතුවෙන්.

ජනවාරි 28 වනදා ආරම්භ වන T 10 ලීග් තරගාවලිය සහ ජනවාරි 26 වනදා සිට ආරම්භ වන දකුණු අප්‍රිකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය අතර ඝට්ටනයක් සිදු වන බැවින් දකුණු අප්‍රිකා තරගාවලියට ක්‍රීඩා නොකරන පාකිස්තාන ක්‍රීඩකයින්ට T 10 ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා මෙවර අවසර ලැබෙනු ඇති.

T 10 ලීග් තරගාවලියට එක්වන කලැන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන්නේ පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ඇතුළත්  ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන ෆාවඩ් රානාගේ සොහොයුරු සමීන් රානායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...