කොරෝනා වෛරස් නිසා ක්‍රීඩක ආදේශ කිරීම්වලත් වෙනසක්

Date:

කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් ක්‍රීඩකයින් ආදේශ කිරීම් සිදු කිරීම සදහා ජගත් ක්‍රිකට් කවුන්සලයේ අනුමැතිය හිමි වනු ඇති බව වාර්තා වනවා.

විශේෂයෙන් එංගලන්ත කණ්ඩායමේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සහ පාකිස්තාන තරගාවලියන්හී දී මෙම ක්‍රමවේදය යොදා ගනු ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

ක්‍රීඩා නීතිවල සංශෝදනයක් සිදු කිරීම සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රිකට් ආයතනය ද මේ වන විට ජගත් ක්‍රිකට් කවුන්සලය සමගින් සාකච්ඡා සිදු කරමින් සිටින බව සදහන්.

ටෙස්ට් තරගවලදී අවසන් 11 දෙනාගේ කණ්ඩායම සදහා ක්‍රීඩක ආදේශ කිරීමක් සිදු කළ හැක්කේ යම් ක්‍රීඩකයෙකු පිටියේ සිදු වූ අනතුරකින් කම්පන තත්ත්වයකට ගොදුරු වුවහොත් පමණයි.

අනෙකුත් ආබාධ සහ අසනීප අවස්ථාවලදී ක්‍රීඩකයෙකු කණ්ඩායමට ආදේශ කිරීම සදහා අවසර ලැබෙන්නේ නැහැ.

එවැනි අවස්ථාවන්හී දී පන්දු රැකීම සදහා පමණක් ක්‍රීඩක ආදේශ කිරීමක් සිදු කළ හැකි වන නමුත්, එම ක්‍රීඩකයින්ට පන්දු යැවීමේ හෝ පන්දුවට පහර දීමේ අවස්ථාවක් හිමි වන්නේ නැහැ.

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී පන්දුව පිරිමැදීම සදහා මිනිස් කේඨය (කෙළ) යොදා ගැනීම තහනම් කිරීමට ද ජගත් ක්‍රිකට් කවුන්සලයේ ක්‍රිකට් කමිටුව පසුගියදා නිර්දේශ කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...