LPL සම්මාන සහ මූල්‍ය ත්‍යාග බෙදී ගියේ මෙහෙමයි

Date:

පළමු වරට සංවිධාන කළ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඊයේ(16) නිමා වුණේ ශූරතාවය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට හිමි කර දෙමින්.

ඒ, අවසන් මහා තරගයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ලකුණු 53ක පරාජයක් හිමි කර දෙමින්.

Match Report – LPL පළමු ශූරතාවය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට

තරගාවලියේ ශූරතාවය දිනා ගත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ශූරතා කුසලානයට අමතරව මුදලින් රුපියල් 18,500,000 ක මුදලක් ද හිමි වුණා.

අනුශූරතාවය දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට හිමි වූ ත්‍යාග මුදල රුපියල් 9,250,000 ක්.

මීට අමතරව අවසන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ ෂොයිබ් මලික්ට රුපියල් 460,000 ක මුදල් ත්‍යාගයක් හිමි වුණා.

තරගාවලියේ වීරයා වූ වනිදු හසරංගට හිමි වූ මුදල රුපියල් 1,850,000ක්.

ඊට අමතරව තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ ධනංජය ලක්ෂාන්ට රුපියල් 370,000ක මුදල් ත්‍යාගයක් ද හිමි වුණා.

මේ අතර, මෙවර තරගාවලියේ ක්‍රීඩාවේ ජීව ගුණයෙන් යුතු කණ්ඩායමට (Fair Play Award) පිරිනැමෙන සම්මානයෙන් පිදුම් ලැබුවේ දඹුල්ල වයිකින්ග් කණ්ඩායමයි.

ඔවුන්ට ඒ සදහා රුපියල් 460,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...