රෝහිට් ෂර්මා කේල් රත්න සම්මානයට නිර්දේශ කෙරේ

Date:

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ උප නායක රෝහිට් ෂර්මා ගෞරවනීය රජිව් ගාන්ධී කේල් රත්න සම්මානය සදහා ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් නිර්දේශ කර තිබෙනවා.

එමෙන්ම ඉෂාන්ට් ෂර්මා, ශිකර් දවාන් සහ දීප්ටි ෂර්මා, අර්ජුන සම්මානය සදහා ද නිර්දේශ කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

2016 වසරේ ජනවාරි පළමු වැනිදා සිට 2019 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා වන කාලය තුළ දැක් වූ දක්ෂතා පදනම් කර ගනිමින් එරට ක්‍රීඩා අමාත්‍යංශය විසින් මෙම සම්මාන පිරිනැමීමට නියමිතයි.

කේල් රත්න සම්මානය යනු ඉන්දීය ක්‍රීඩකයෙකුට එරට තුළ පිරිනමන ඉහළම ගෞරවනීය සම්මානයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...