LPL අවසන් තරගය අද – නුවන් තුෂාර අවධානමක

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(16) පැවැත්වෙනවා.

ඒ, තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේර්ස් කණ්ඩායම අතරයි.

තරගය රාත්‍රී 7ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනු ඇති.

කණ්ඩායම් දෙක අතර මෙවර තරගාලියේ දී පැවැති තරග දෙකේම ජය හිමි කර ගත්තේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමයි.

අවසන් පූර්ව තරග සදහා ක්‍රීඩා කළ කණ්ඩායම් ‍දෙකම බොහෝ විට අද තරගය සදහා ද ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩක් පවතින බව සදහන්.

කෙසේ වෙතත්, ගාලු කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරගේ ආබාධ තත්ත්වය තවමත් සම්පූර්ණයෙන් සුව වී නැහැ.

ඔහු සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසු නොවුණහොත් ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු කණ්ඩායමට ආදේශ කරනු ඇති.

යාපනය සංචිතයේ සියලු ක්‍රීඩකයින් තරග කිරීමට සුදුසු ශාරිරික යෝග්‍යතාවයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

යාපනය කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට මුහුණ දීම අවසන් තරගයේ දී ගාලු කණ්ඩායමේ පිතිකරුවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් බවට පත් වනු ඇති.

MATCH OFFICIALS  –

MATCH REFEREE : Ranjan Madugalle

ON-FIELD UMPIRES : Kumar Dharmasena, Ruchira Palliyaguruge

TV UMPIRE : Lyndon Hannibal

4th UMPIRE : Raveendra Wimalasiri

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...