ශ්‍රී ලංකාවට එරෙහි දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් 6ක් කොරෝනා අවධානමක

Date:

දකුණු අප්‍රිකාවේ පැවැති පළමු පෙළ තරගයක් ඊයේ(14) දිනයේ දී අත්හිටුවීමට පියවර ගැණුනා.

ඒ, තරගයට එක්ව සිටි ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගැනීම හේතුවෙන්.

Titans සහ Dolphins කණ්ඩායම් අතර අදාළ සිව්දින තරගය පැවැති අතර, එම තරගයේ දෙවැනි දිනය ආරම්භයට පෙර තරගය අත්හිටුවීමටයි පියවර ගැණුනේ.

විශේෂත්වය වන්නේ මෙම කණ්ඩායම් දෙක සදහා එළඹෙන ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා සංචිතයේ ක්‍රීඩකයින් 6 දෙනෙකු ද ඇතුළත්ව සිටීමයි.

මීට පෙර කොරෝනා අර්බුදය හේතුවෙන් එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය ද අතරමගදී අවලංගු කිරීමට කටයුතු කෙරුණා.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය ද පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලු ඇති වූ නමුත්, පසුව දෙරටේ ක්‍රිකට් ආයතන ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගාවලිය සැලසුම් කළ පරිදි පවත්වන බවයි.

තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන සිකුරාදා එරටට ළගා වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් මේ වන විටත් දකුණු අප්‍රිකාවට පැමිණ ඇත්තේ තරගාවලියට පවතින සෞඛ්‍ය ආරක්ෂිත බව සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබද සොයා බැලීම සදහායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...