කායිස් අහ්මඩ්ගේ සුපිරි පිතිහරඹය මෙන්න

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ(11) දිනයෙන් අවසන් වුණා.

ඒ, මූලික වටයේ අවසන් තරගයෙන් කලම්බු කිංග්ස් කණ්ඩායමට පෙරලිකාර ජයක් හිමි කර දෙමින්.

එම ජයග්‍රහනයේ වැඩි ගෞරව කායිස් අහ්මඩ්ට හිමි විය යුතු බවට විවාදයක් නැහැ.

ඔහු තුන් ඉරියව්වෙන්ම දැක් වූ දක්ෂතා හේතුවෙන් තරගයේ වීරයා ලෙස ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

තරගයේ පරාජය පෙනි පෙනී තිබූ අවස්ථාවක පිත්තෙන් නොදැවී ලකුණු 50ක් රැස් කිරීමට ඔහු වැය කළේ පන්දු 22ක් පමණයි.

19 වැනි පන්දුවාර ආරම්භ වන විට තරගය ජය ගැනීම සදහා කලම්බු කිංග්ස් කණ්ඩායමට පන්දු 12කදී ලකුණු 23ක් අවශ්‍ය වූ නමුත් එම ඉලක්කය පන්දු 5කින් හයේ පහර 4ක් එල්ල කරමින් සපුරා ගැනීමට කායිස් අහ්මඩ් සමත් වුණා.

ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 2ක් ඇතුළත්.(ඔහුගේ ඉනිමේ දර්ශන පහතින් නරඹන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...