මිකී ආතර් LPL විස්තර විචාරයෙන් ඉවත් වෙයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට මෙවර ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ ජාත්‍යන්තර විස්තර විචාරක කටයුතුවලින් ඉවත් වීමට සිදු වි තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය හේතුවෙන්.

අදාළ තරග සංචාරය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන්නේ ලබන 17 වැනිදායි.

කෙසේ වෙතත්, ඊට පෙර ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ වෛද්‍ය විශේෂඥයෙකු දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා ප්‍රකාශ කළා.

ඒ, ලොව පුරා පවතින කොරෝනා වසංගත තත්ත්වය මධ්‍යයේ පවත්වන අදාළ තරගාවලිය සදහා පවතින සූදානම තක්සේරු කිරීම සදහා සහ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින්.

ඒ අනුව මිකී ආතර් එළඹෙන ඉරිදා (13) දිවයිනෙන් පිටව යන බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...