ලබන වසරේ LPL පැවැත්වෙන කාලවකවානුව නිවේදනය කෙරේ

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර පැවැත්වෙන කාලවකවානුව පිළිබදව අද(11) ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව තරගාවලියේ දෙවන අදියර ලබන වසරේ ජූලි සහ අගෝස්තු මාසවලදී පැවැත්වීමට නියමිත බවයි තරගාවලි සංවිධායකයින් සදහන් කළේ.

තරගාවලිය පැවැත්වෙන දින මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

දෙවැනි අදියරේ සිට හෝ තෙවැනි අදියරේ සිට තරගාවලියට තවත් කණ්ඩායම් කිහිපයක් එක් කරන බව එල්.පී.එල් තරගාවලියේ අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න මහතා මීට පෙර ප්‍රකාශ කළා.

ඒ අනුව තරගාවලිය සදහා නැගෙනහිර පළාත ද නියෝජනය වන පරිදි කණ්ඩායමක් ඉදිරි තරගවාරයන්හී දී එක් කිරීමට අපේක්ෂා කරන බවයි හෙතෙම සදහන් කර සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...