කෝටි 500ක ආදායමක් සමගින් කෝලි ලෝකෙන්ම 66 වැනි තැනට

Date:

2020 වසර සදහා වන ලොව වැඩිම ඉපයීමක් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය දෙනාගේ ලැයිස්තුව ෆෝර්බ්ස් සගරාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම ලැයිස්තුවට ඇතුළත්ව ඇති එකම ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ ඉන්දීය නායක විරාට් කෝලි.

පසුගිය වසරේ දී 100 වැනි ස්ථානය හිමි කර ගත් ඔහුට මෙම වසරේ දී 66 වන ස්ථානය හිමිව තිබෙනවා.

ඒ, පසුගිය මාස 12ක කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 26ක ඉපයීමක් සතු කර ගනිමින්.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 500කට ආසන්නයි.

මේ අතර, පසුගිය මාස 12ක කාලය තුළ වැඩිම ඉපයීමක් ලබා ගනිමින් අදාළ ලේඛනයේ පළමු ස්ථානයට පත්ව ඇත්තේ ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩරර්.

ඔහුගේ ආදායම සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 106.3 ක් ලෙසයි.

දෙවන ස්ථානය සහ තෙවන ස්ථානය පිළිවෙලින් සුපිරි පාපන්දු ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට සහ ලියනල් මෙසීට හිමිව තිබෙනවා.

ඔවුන්ගේ ආදායම පිළිවෙලින් සටහන්ව ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 105ක් සහ අමෙරිකානු ඩොලර් මිලියන 104ක් ලෙසයි.

ලොව වැඩිම ඉපයීමක් ලබන ක්‍රීඩිකාව වන්නේ ජපාන ටෙනිස් ක්‍රීඩිකා නයෝමි ඔසාකා.

ඇයගේ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 37.4.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...