පිට පිට ලැබූ 3 වැනි පරාජය නිසා ජැෆ්නා ස්ටැලියන්ස් තෙවැනි තැනෙන් නවතියි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට සිදු වුණා.

ඒ මෙවර තරග වාරයේ මූලික වටය යටතේ ඔවුන් ක්‍රීඩා කළ අවසන් තරගයෙන් අද(10) කලම්බු කිංග්ස් කණ්ඩායම හමුවේ ලකුණු 6ක පරාජයක් ලැබීම හේතුවෙන්.

හම්බන්තොට පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ස්ටැලියන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව කිංග්ස් කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව කලම්බු කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 4ක් දැවී ලකුණු 173ක් ලබා ගනිමින්.

කොළඹ ඉනිම ශක්තිමත් කරමින් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ලොරී එවන්ස් පන්දු 65කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 108ක්.

ඔහු සිය ශතකය වාර්තා කළේ පන්දු 60ක් වැය කරමින්.

එවන්ස්ගේ ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 9ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී සුරංග ලක්මාල් සහ වනිදු හසරංග කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට පන්දුවාර 20 නිමා කිරීමට සිදු වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 167ක් ලබා ගනිමින්.

චරිත් අසලංක ලකුණු 32ක්, ෂොයිබ් මලික් ලකුණු 29ක් සහ වනිදු හසරංග නොදැවී ලකුණූ 23ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඇන්ඩ්‍රි රසල් ලකුණු 46කට කඩුලු 3ක් දවා ගත්තා.

මෙය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අඛණ්ඩව පරාජයට පත් වූ තෙවැනි තරගය වීම ද විශේෂත්වයක්.

අද තරගයේ දී ලැබූ ජයත් සමගින් කලම්බු කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා පියවරක් ඉදිරියට පැමිණි අතර, ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් දඹුල්ල වයිකින්ග් කණ්ඩායම හිමි කර ගෙන සිටිනවා.

ඒ අනුව හෙට කොළඹ සහ දඹුල්ල කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අනුව මෙවර තරගාවලියේ මූලික වටයේ තරග අවසානයේ දී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගන්නා කණ්ඩායම තීරණය වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...