LPL මංගල ශතකය ලොරී එවන්ස්ගෙන්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු ශතකය වාර්තා කළ පිතිකරුවා ලෙස ඉතිහාසයට එක් වීමට කලම්බු කිංග්ස් කණ්ඩායමේ එංගලන්ත ක්‍රීඩක ලොරී එවන්ස් අද(10) සමත් වුණා.

ඒ, ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී යි.

හම්බන්තොට පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ස්ටැලියන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව කිංග්ස් කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව කලම්බු කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 4ක් දැවී ලකුණු 173ක් ලබා ගනිමින්.

කොළඹ ඉනිම ශක්තිමත් කරමින් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ලොරී එවන්ස් පන්දු 65කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 108ක්.

ඔහු සිය ශතකය වාර්තා කළේ පන්දු 60ක් වැය කරමින්.

එවන්ස්ගේ ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 9ක් ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...