ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට දඩ පනවයි

Date:

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට තරග තීරක වෙන්ඩෙල් ලැබ්‍රෝයි මහතා විසින් දඩ නියම කර තිබෙනවා.

ඒ, දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සමග ඊයේ පැවැති එල්.පී.එල් තරගයේ දී නියමිත කාලයට පන්දුවාර 20 යවා නිම නොකිරීම හේතුවෙන්.

භානුක රාජක්ෂගේ නායකත්වයෙන් යුත් ගාලු කණ්ඩායමට නියමිත කාලය නිමා වන විට එක් පන්දුවාරයක් යවා නිමා කිරීමට හැකියාව ලැබී තිබුණේ නැහැ.

ඒ අනුව සියලු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් පනවා ඇති බව සදහන්.

නායක භානුක රාජපක්ෂ වරද පිළිගනිමින් ලබා දී ඇති දඩුවම පිළිගෙන ඇති බවත්, එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු නොවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ලංකා ප්‍රිමියර් ලීග් විනය නීති සංග්‍රහයේ 2.23 වගන්තියට අනුව නියමිත කාලයට යවා නිම කිරීමට නොහැකි වන එක් පන්දුවාරයක් සදහා අදාළ කණ්ඩායම වෙනුවෙන් තරග ගාස්තුවෙන් 20% ක දඩ මුදලක් පනවනු ලබනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...